ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලාංකිකයන්ට වීසා දීම ගැන ඇමෙරිකානු තානාපති කාර්යාලය
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළුවීම සඳහා අවසර ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ පසුගියදා වාර්තා පළවෙමින් තිබිණ.