ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආණ්ඩුව ඇතුළේ සීතල යුද්ධයක්?
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ඉදිරිපත් කරන ඇතැම් යෝජනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් ආණ්ඩුව අභ්‍යන්තරයේ 'සීතල යුද්ධයක්' නොමැති බව ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.
ශ්‍රී ලංකාව තුළ කිසියම් 'ජනතාවාදී නොවන' ක්‍රියාදාමයක් සිදුවන්නේ නම් එය නැවැත්වීම විධායක ජනාධිපතිවරයකුගේ වගකීම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව සඳහන් කළ අමාත්‍යවරයා, කිසියම් ලෙසකින් ශ්‍රී ලංකාවේ 'ඒකාධිපති නායකයකු' සිටියේ නම් කිසිදු චෝදනාවක් පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු නොවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
"ජීඑස්පී ප්ලස් එක ගන්න, සමලිංගික ක්‍රියා, ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ දේවලට පවා කැබිනට් මණ්ඩලේ දි නවත්තන්න ඕන කියල, අතිගරු ජනාධිපතිතුමා ඒ යෝජනාවලට එකඟවෙන්න බෑ කියන මතය ඉදිරිපත් කළා," යනුවෙන්ද අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසීය.
ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන ප්‍රමිතියෙන් තොර බව පැවසෙන ඉන්ධන තොගයක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන් කළ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට නොගැලපෙන්නේ නම් එම නෞකාව ආපසු හරවා යවන බව වැඩිදුරටත් පැවසීය.