ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැඳුම්කර: ජනාධිපති කොමිසම නම් කෙරේ
වත්මන් ආණ්ඩුවේ මුල් මාස කිහිපය ඇතුලත මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස පත්කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම නම් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම කොමිසමේ සාමාජිකයන් වශයෙන් පත්කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මාස තුනක් ඇතුලත කොමිසමේ පරීක්ෂණ අවසන් කොට වාර්තාව භාරදීමට නියමිත බව ආණ්ඩුව පවසයි.
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති පදවිය දැරූ සමයේ ඔහුගේ බෑණාවන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට බැඳුම්කර නිකුත්කිරීම මගින් බරපතල වංචාවක් සිදු වූ බවට චෝදනා එල්ල වී තිබේ.
බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවද වෙන වෙනම පරීක්ෂණ පවත්වා වාර්තා නිකුත් කළහ.