ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: කාන්තාවන් වෙනුවෙන් කාන්තාවෝ
ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ තරග සඳහා විනිසුරුවරියන් සිවුදෙනකු පත්කරන ලද බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
නවසීලන්තයේ කැත්ලීන් ක්‍රොස්, ඕස්ට්‍රේලියාවේ ක්ලෙයාර් පොලොසක්, බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරන ජැක්ලින් විලියම්ස් සහ බ්‍රිතාන්‍ය ජාතික සූ රෙඩ්ෆර්න්, විනිශ්චයකාරවරුන් නම දෙනකු සහභාගිවන තරගාවලියට නම්කර තිබෙන විනිසුරුවරියන් සිව්දෙනායි.
මෙය කාන්තා ක්‍රිකට් තවදුරටත් නංවාලීමේ සිය වැඩපිළිවෙලේ කොටසක් බවයි, අයිසීසී ය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.
කාන්තා ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ තරග ලබන පෙබරවාරි 7-12 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි.
අනිල් චෞද්රි, ලෙස්ලි රෛෆර්, රවීන්ද්‍ර විමලසිරි, ඉයන් රමේජ් සහ මාක් හව්තෝර්න් තරගාවලියේ අනෙක් විනිසුරුවරුන් පස්දෙනාය.
තරග තීරකවරයා ලෙස ග්‍රේම් ලැබ්‍රෝයි කටයුතු කරන බවත් නිවේදනයේ සඳහන්වේ.
සුදුසුකම් ලැබීමේ තරගවලදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය 'ඒ' කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව 'බී' කාණ්ඩයට අයත් වේ.
එහිදී සුපර් සික්ස් වටයේ මුල් ස්ථාන හතර දිනාගන්නා කණ්ඩායම් ලෝක කුසලානයට තරග වැදීමට සුදුසුකම් ලබති.
අයිසීසී කාන්තා ශූරතාවලියේ පළමු ස්ථාන හතර හොබවන එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙවු සහ නවසීලන්තය ලබන ජුනි මාසයේ එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන කාන්තා ජගත් ක්‍රිකට් කුසලානය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටිති.