ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැඳුම්කරය: "පාර්ලිමේන්තු විවාදය නතරකිරීමේ තැතක්"
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව හෙට (ජන. 23) පාර්ලිමේන්තුවේ ආරම්භවීමට නියමිත විවාදය නතරකිරීම සඳහා උපක්‍රමයක් දියත්වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ භික්ෂුන් වහන්සේ නමක් විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ ඇති බවට පළවූ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.
"බැඳුම්කර ගනුදෙනුව ගැන විවාදය හෙට තියෙනවා. අද ගිහිල්ලා නඩුවක් දානවා. මේ මොකක්ද? මෙතන උත්සාහයක් තියෙනවා හෙට පාර්ලිමේන්තුවේ තියෙන විවාදය ගැන, කිරිඇල්ල නැගිටලා අහනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගවන බැවින් අහවල් ස්ථාවර නියෝග යටතේ මෙය විවාදයට ගතනොහැකිය කියල, හාමුදුරුවෝ නඩුව දානවා, කිරිඇල්ල නැගිටිනවා, කතානායක තීන්දුව දෙනවා." යනුවෙන් ඔහු පැවසීය.
මෙය අගමැතිවරයා විසින් යොදන ලද උපක්‍රමයක් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කළේය.
කෙසේ නමුත් හෙට පාර්ලිමේන්තු විවාදය නතරකිරීම සඳහා තම පක්‍ෂය කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ඔහු පැවසුවේය.