කොකේන් කිලෝග්‍රෑම් 928: "සැකකරුවන් ඉදිරිපත් කරන්න"

කොළඹ වරායේ නැවක සඟවා තිබී කොකේන් කිලෝග්‍රෑම් 928ක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කරයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත කොළඹ වරායේ නවතා තිබූ මෙම නෞකාව පරීක්‍ෂා කරනු ලැබුවේ දෙසැම්බර් අටවැනිදාය.
එල් සැල්වදෝර් රාජ්‍යයේ සිට පැමිණි මෙම නැව තුළ තිබී සොයාගත් කොකේන් කිලෝග්‍රෑම් 928 ඉන්දියාව සහ යුරෝපීය රටවලට ප්‍රවාහනය කිරීමට සුදානම්ව තිබූ බව පොලිසිය පවසයි.
මිට අදාලව ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය ඇතිව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිසිය කියා සිටියේය.
මෙය ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගත් විශාලතම කොකේන් තොගය බවද පොලිසිය මීට පෙර සඳහන් කර තිබුණි.




