ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පැන යමින් සිටින අතරතුර ෆේස්බුක් පිටුවේ සෙල්ෆි පළ කළ සිරකරුවෙක්
මැනොස් නගරයේ බන්ධනාගාරයකින් පැන පළා යමින් සිටින අතරතුර තම ෆේස්බුක් පිටුව යාවත්කාලීන කළ රැඳවියෙක් පිළිබඳ බ්‍රසීලයෙන් වාර්තා වේ.
කොල්ලකෑමක් සම්බන්ධයෙන් දඬුවම් ලැබ බන්ධනාගාර ගත කෙරුණු බ්‍රයන් බ්‍රෙමර් පළා යමින් සිටින තවත් රැඳවියන් දෙදෙනෙකු සමග එක්ව ගත් සෙල්ෆි ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පළ කොට තිබේ.
මැනොස් නගරයේ බන්ධනාගාර දෙකක රඳවා සිටි සිරකරුවන් කණ්ඩායමක් ඉන් පළා ගොස් ඇත්තේ පසුගිය ඉරිදායි.
ඉන් එක් බන්ධනාගාරයක් තුළ කැරලිකාරී වාතාවරණයක් හටගෙන ඇති අතර එහිදී සිරකරුවන් පනස් හය දෙනෙකු මරුමුවට පත් විය.
රැඳවියන්ට අන්තර්ජාලය භාවිත කිරීම තහනම් කොට ඇති නමුත් බ්‍රෙමර් සිරගත වී සිටියදීත් සිය ෆේස්බුක් ගිණුම භාවිත කොට ඇති බව වාර්තා වේ.
වාසිබස් දොඩමින් බ්‍රෙමර් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ ඡායාරූප බ්‍රසීලයේ සමාජ ජාල තුළ විශාල වශයෙන් පළ වෙමින් තිබේ.
බ්‍රෙමර් සමග ඡායාරූපයට පෙනී සිටි එක් සිරකරුවෙකු ඇතුළු පළා යමින් සිටි රැඳවියන් හතළිස් දෙනෙක් අල්ලා ගත් බව බ්‍රසීල බලධාරීහු පවසති.