ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බැසිල්ට යළිත් නඩු
දිවි නැගුම අරමුදල් අවභාවිත කළ බවට ගොනුකර තිබූ චෝදනාවලින් ඊයේ නිදහස් කෙරුණු හිටපු ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අද (දෙසැ. 07) එම චෝදනා යටතේම නඩු පැවරුවේය.
අදාළ නඩුව ඊයේ කොළඹ මහාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නඩු ගොනුව ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ පැමිණිල්ලේ තාක්ෂණික දෝෂ ඇති බව පවසමිනි.
චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගැනීමට ඉඩ දෙමින් විත්තිකරුවන් නිදහස් කළ අධිකරණය, බැසිල් රාජපක්ෂ විදෙස්ගතවීම වළකාලමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද නියෝග කළේය.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස තුනක කාලයක් රටින් පිටව සිටීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය.