ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"යාපනය පුස්තකාලය ගිනිතැබීම": රනිල් සමාව ගනියි
1981 වසරේ යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා එසේ සමාව ඉල්ලා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ අද (දෙසැ.06) පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් වාදයක් අතරතුරදී.
"අපේ කාලේ පුස්තකාලේ ගිනි තිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා, සමාව ඉල්ලනවා" අගමැතිවරයා පැවසීය.
පසුගිය ආණ්ඩුව සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ද එසේ සමාව ගන්නා ලෙස අගමැතිවරයා ඉන් අනතුරුව ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
රවිරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම යාපනයේ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් ද අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කළේය.