පොලිස්පතිට නියෝග කළ 'සර්' පොලිස් ඇමතිද ?

ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර යන පුද්ගලයා අත්අඩංගුවට නොගන්නා මෙන් පොලිස්පතිවරයාට නියෝග කළ 'සර්' පොලිසිය භාර ඇමතිවරයා දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රශ්න කරයි.
'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රසිද්ධ වේදිකාවක කළ දුරකථන සංවාදය ජනමාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.
එය වැරදි සහගත බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
ඇමති ද, අගමැති ද?
ඒ පිළිබඳව යළිත් වරක් සිකුරාදා ප්‍රශ්නයක් මතු කළ ජනතා විමුකති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර යන අය අත්අඩංගුවට නොගන්නා මෙන් පොලිස්පතිවරයාට නියෝග කළ හැකි 'සර්' කවුදැයි දැනගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් තිබෙන බව අවධාරණය කළේය.
"පොලිස්පතිවරයාට ඉන්න සර් ඇමති වෙන්න ඕන. එහෙම නැත්නම් අගමැති වෙන්න ඕන," ඔහු පැවසීය.

එහිදී කරුණු දැක්වූ සභානායක ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා, දිසානායක මන්ත්‍රීවරයා දැක් වූ අදහස් එම දුරකථන සංවාදය පිළිබඳ 'එතුමාගේ අර්ථ නිරූපණය පමණක්' බව සඳහන් කළේය.
"සර් කිවුවම පාසලේ ගුරුතුමා වෙන්නත් පුළුවන්," ඇමතිවරයා පැවසීය.
ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර යනු දෙවිනුවර හිටපු බස්නායක නිලමේවරයා මෙන්ම මහින්ද රාජපක්ෂ පරිපාලනයේ 'ඉහලම පවුල්වල ඥාතියකු' බවත්, ඛනිජ වැලි නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ පුද්ගලයකු බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පිළිබඳව කරුණු විමසීම පිණිස නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.










