ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"වමෙන් ඉස්සර කිරීමේ දඩය නැවත සළකා බලනවා"
වාහන වමෙන් ඉස්සර කිරීම සඳහා පැනවීමට යෝජිත රුපියල් 25,000 දඩය ගැන රජය යළි සළකා බැලීමට සූදානම් බව ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා පවසයි.
ඊයේ සවස (නොවැ 30) අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ ප්‍රවාහන සංගම් කීපයක සාමාජිකයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
තමාට ගැටළුව සම්බන්ධයෙන් තනියෙන් තීරණයක් ගත නොහැකි බව පෙන්වාදුන් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන බව පැවසුවේය.
කෙසේ වෙතත් හෙට (දෙසැ 02) දිනයේ ආරම්භ කිරීමට තීරණය කර තිබූ බස් වර්ජනය පවත්වන බව බස් සංගම් නියෝජිතවරු පවසති.
ප්‍රවාහන ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රවාහන සංගම් කීපයක් හෙට දින පැවැත්වීමට නියමිත වර්ජනයෙන් ඉවත්වන බව දැනුම් දී තිබේ.
දේශපාලන අරමුණකින් යම් සුළු පිරිසක් බීමතින් රිය පැදවීමට හා රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය වෙනුවෙන් කරන ඉල්ලීම් වලට ඉඩ නොදිය යුතු බව මුදල් ඇමති රවී කරුණානායක මෙම වර්ජනය ගැන අදහස් දක්වමින් පැවසුවේය.