ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඥානසාර හිමිට එරෙහි අභියාචනය විභාගයට
කිතුනු දේව මධ්‍යස්ථානයකට පහරදීමේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් 13 දෙනකු යළි ඊට වරදකරුවන් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
2008 වසරේ මාලඹේ ප්‍රදේශයේ පිහිටි කල්වාරි නමැති කිතුනු දේව මධ්‍යස්ථානයට පහරදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කොට තිබිණි.
ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය ගත් තීන්දුව නීතියට පටහැණි බව නීතිපතිවරයා සිය පෙත්සමේ සඳහන් කරයි.
ඒ අනුව මහාධිකරණයේ තීන්දුව බල රහිත කොට වරදකරුවන්ට දඬුවම් පනවන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.
ඉල්ලීම සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම ජනවාරි මස 20 වනදා විභාගයට ගැනීමට නියම කළේය.