වගකීම් විරහිත මාධ්‍ය භාවිතය නිසා ජීවිත තර්ජන - විග්නේශ්වරන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වගකීම් විරහිත මාධ්‍ය භාවිතය හේතුවෙන් සිය ජීවිතයට තර්ජන එල්ල වූවා පමණක් නොව තමන්ට දකුණේ මිතුරන්ද අහිමි වූ බව උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් පවසයි.
උතුරු පළාතෙන් බුදු පිළිම ඉවත් කරන ලෙස තමන් නියෝග කළ බව පවසමින් දකුණේ ඇතැම් මාධ්‍යවේදීන් විසින් වැරදි සහ විකෘති කරන ලද පුවත් පළ කරනු ලැබීම හේතුවෙන් ඇති වූ ජීවිත තර්ජන හමුවේ රජයෙන් ආරක්ෂාව ඉල්ලීමට ද සිදු වූ බව උතුරු පළාත් මහ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මාධ්‍යවේදියකුගේ වගකීම විය යුත්තේ ජනතාවට නිවැරදි සහ සත්‍ය තොරතුරු සැපයීම බවත් එය තම වගකීම බව මාධ්‍යවේදීන් සිහි තබා ගත යුතු බවත් මහ ඇමතිවරයා සඳහන් කළේය.
ඉතා කල්පනාකාරී ලෙස වාර්තාකරණයේ නිරතවන ලෙස මහ ඇමතිවරයා උතුරේ මාධ්‍යවේදීන්ගෙන්ද ඉල්ලා සිටියේය.
ඔහු එම ඉල්ලීම කළේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දෙමළ ජනතා විමුක්ති පෙරමුණ නැමති දෙමළ දේශපාලන පක්ෂයේ නායක නඩේෂපිල්ලේ විද්‍යාදරන් විසින් ආරම්භ කරන ලද ''කාලෙයි කදිර්'' නැමති පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් යාපනයේ පැවති උත්සවයක් අමතමිනි.







