ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘ආවා’ කල්ලිය පසුපස දේශපාලන බලවේගයක් ?
යාපනයේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබෙන 'ආවා' සංවිධානය පසුගිය රජය සමයේ යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයකු විසින් නිර්මාණය කරන ලදුව පෝෂණය කළ එකක් බව රජය පවසයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතිය හා අනුදැනුම ඇතිව එය සිදුවී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ අද (නොවැ. 02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
යුද්ධයෙන් පසු උතුරේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමට මෙන් ම දේශපාලන ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් මර්දනයට යොදාගනු ලැබූ එම කණ්ඩායම අද වනවිට එම ප්‍රදේශ නොසන්සුන් කිරීමට උත්සාහ දරන්නේ අදාළ පුද්ගලයින්ගේ අවශ්‍යතාව මත විය හැකි බව අමාත්‍යවරයා පැවසීය.
එහෙත් එම කණ්ඩායම මැඩලීම සඳහා පියවර ගෙන ඇති බව පෙන්වා දුන් ඇමති රාජිත සේනාරත්න, එහි සාමාජිකයින් කිහිප දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් මේ කරුණු ගෙන හැර දැක්වූයේ, දිගු කලක් නිහඬව සිටි 'ආවා' කණ්ඩායම යළි සක්‍රියවීම පසුපස දේශපාලන බලවේගයක් ඇති බවට සැක පළකරමිනි.