ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රතුපස්වල වෙඩි තැබීම් 'සාපරාධී ක්‍රියාවක්'
ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානීය ජල අයිතිය ඉල්ලා දියත්කෙරුණු මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර තිදෙනෙකු මරණයට පත්කිරීම 'සාපරාධී ක්‍රියාවක්' බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.
අත් වැසුම් නිපැයුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එක්වන බව පවසමින් 2013 වසරේදී උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව විසුරුවාහැරීමට යුද හමුදාව මැදිහත්වීමේදී වෙඩි ප්‍රහාර ද එල්ල කෙරිණ.
මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළ පරිදි, පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මරණයට පත් තරුණයින් තිදෙනාගෙන් දෙදෙනකු වෙඩි වැදී මිය ගොස් ඇති බවය.
අනෙක් තරුණයාගේ මරණයට හේතුවී තිබෙන්නේ ඔහුගේ හිසට මොට ආයුධයකින් එල්ලවූ ප්රහාරයකි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය භාරයට ගැනුණු T-56 ගිනි අවි අනූඅටක් රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් ගිනි අවි තුනක් වෙඩි තැබීමට යොදා ගෙන ඇති බව අනාවරණ වී ඇත.