ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෙල වැල ලා තිබූ විශ්‍රාමික හමුදා සෙබළ සාක්කුවේ ලිපියක්
කෑගල්ල කරඬුපාන ප්‍රදේශයේ මියගොස් සිටියදී අද උදෑසන හමුවූ, විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකු සතුව තිබී, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග තමන් විසින් ඝාතනයකරන ලද බව සඳහන් ලිපියක් හමුවී ඇත.
එදිරිසිංහ ජයමාන්න නම්වූ එම විශ්‍රාමික යුද හමුදා සාමාජිකයාගේ මළ සිරුර හමුවූයේ ඔහුගේ නිවසේ මුළුතැන්ගෙය තුළ ගෙල වැල ලාගෙන සිටියදීය.
"ලසන්ත ඝාතනය කළේ මම. එම නිසා මගේ යාළුවාවන උදලාගම වැරදි කරුවෙක් නොවෙයි. ඔහු නිදහස් කරන්න, මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න" යැයි එම ලිපියේ දැක්වේ.
මෙම මරණය සියදිවි නසාගැනීමක් ද යන්න පොලීසිය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ වෙනතක යොමුකිරීම සඳහා කළ ක්‍රියාවක් ද යන්න සොයාබැලීමට පරීක්ෂණයක් ආරම්භකර ඇත.
බීබීසි වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු මිය ගොස් සිටින පුද්ගලයා හමුදාවේ හිටපු සාමාජිකයකු බව තහවුරු කළ අතර අදාළ ලිපිය ඔහු විසින් ම ලියන ලද්දක් ද යන්න පැවසිය හැක්කේ පරීක්ෂණවලින් අනතුරුව බව පැවසීය.
කෙසේවෙතත්, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සඳහා පොලිස් ප්‍රකාශකවරයා ඇමතීමට බීබීසී උත්සාහ දැරුව ද ඔහු සම්බන්ධකරගත නොහැකිවිය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන හමුදා බුද්ධි අංශ සාමාජිකයකුවන ප්‍රේම් ආනන්ද උදලාගම මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.