ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ත්‍රස්තවාදය මැඬලීමේ පනතට කමිටුවක්
දැනට ක්‍රියාත්මකවන 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' වෙනුවට ත්‍රස්තවාදය මැඬලීම සඳහා නව පනතක් කෙටුම්පත් කිරීමට රජය කමිටුවක් පත් කරයි.
මෙම කමිටුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසිනි.
යෝජිත නව පනත දැනට පවතින 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට' වඩා අයහපත් විය හැකි බවට දෙමළ ජාතික සන්ධානය බිය පළ කර තිබුණි.
'පැරණි වයින්'
දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා තිබුණේ නව පනත 'පැරණි වයින් අලුත් බෝතලයක දැමීමක්' විය හැකි බවය.
නමුත්, මානව හිමිකම්වලට අදාළව ශ්‍රී ලංකාව සපුරාලිය යුතු බැඳීම් වලට අනුකූලව ක්‍රියා කරනු ලබන බවට සහතික කිරීම පිණිස මෙම නව පනත කෙටුම් පත් කරන බව රජය පවසයි.
ත්‍රස්තවාදය මැඬලීම පිළිබඳ නව පනත කෙටුම්පත් කිරීමෙන් අනතුරුව එය ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කිරීමට නියමිත ය.