ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විග්නේශ්වරන්ට අතිරේක පොලිස් ආරක්ෂාව ඉල්ලයි
උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් වෙනුවෙන් අතිරේක ආරක්ෂාව සලසන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත.
තමාට ජීවිත තර්ජනයක් තිබෙන බව මහ ඇමතිවරයා පළාත් සභාවට දැනුම් දුන් හෙයින් පළාත් සභාවේ පොදු අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියකින් එම ඉල්ලීම කළ බවයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් බීබීසිය සමග කියා සිටියේ.
'තමාගේ ජීවිතයට අනතුරක් සිදු කොට එය කොටි සංවිධානයේ ගිණුමට බැර කිරීමේ උත්සාහයක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැහැදිලිව කියල තිබෙනවා. මහ ඇමතිවරයාගේ එම ප්‍රකාශය අනුව අපි තීරණය කළා ඔහුට අමතර ආරක්ෂාව සලසන මෙන් පොලිසියෙන් ඉල්ලා සිටීමට' උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් පවසයි.
'එලුග තමිල්' වැඩ පිළිවෙලෙන් පසුව, මහ ඇමති විග්නේශ්වරන්ට දකුණේ සිටින ඇතැම් අන්තවාදී කොටස්වලින් තර්ජනයක් එල්ල වෙමින් ඇති බවට සැකයක් පවතින බව එම්.කේ.සිවාජිලිංගම් උතුරු පළාත් සභා මන්ත්‍රීවයාත් පවසයි.
'හමුදාව විසින් උතුරේ අනවශ්‍ය තැන්වල පන්සල් ඉදි කිරීම වැරදි බව එලුග තමිල් රැස්වීමේ දී මහ ඇමතිවරයා ප්‍රකාශ කළා. දකුණේ අන්තවාදී කොටස් මේ කතාව වෙනත් විදියකට හරවා ඔහුට එරෙහිව උද්ඝෝෂණය කර තිබෙනවා. ඒ නිසා ප්‍රධාන අමාත්‍යවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවට සැකයක් ඇතිවෙලා තියෙනව. ඒ නිසා පළාත් සභාව ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා' උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසයි.