ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාල්ලේ සුළු භූ කම්පනයෙන් 'හානි වාර්තා වී නැහැ'
ගාල්ල ඇතුළු ඒ අවට ප්‍රදේශ කීපයක සුළු භූකම්පන තත්වයක් හට ගෙන ඇති බව භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය තහවුරු කරයි.
අඟහරුවාදා අලුයම 5.45 ට පමණ ගාල්ල නගරයේ ඇති වූ භූ කම්පනය තත්පර කීපයක් පැවතුණු බවත් ඒ සමග ශබ්දයක් හට ගත් බවත් මාධ්‍යවේදී ෆර්හාන් නිසාම්දීන් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
භූ චලනයේ අගය පිළිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පතල් සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.
එම තත්ත්වය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන පිහිටි භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවලද සටන් වී ඇති බවත් ඔහු පැවසීය.
භූ චලනය හේතුවෙන් කිසිඳු හානියක් සිදු වේ ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.