ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘මැතිවරණ ප්‍රචාරක වියදම් පාලනයට රජය අසමත්’
මැතිවරණවල දී තරඟ වදින අපේක්ෂකයන් විසින් මහා පරිමාණයෙන් සිදු කරනු ලබන ප්‍රචාරක වියදම් පාලනය කිරීම සඳහා නීතිරීති සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට පැෆරල් සංවිධානය චෝදනා කරයි.
අද (19) කොළඹ උපරිමාධිකරණ සංකීරණයේ දී ප්‍රකාශයක් කළ පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ මැතිවරණ වලදී තරඟ වදින අපේක්ෂකයන් විසින් සිදු කරනු ලබන තරඟකාරී ප්‍රචාරක වියදම් මැතිවරණ දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනීමට හේතු වෙන බවයි.
අපේක්ෂකයන් විසින් සිදු කරනු ලබන එවැනි අධික වියදම් පාලනය කිරීම සඳහා නීති ළඟදීම සම්මත කරන බවක් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතත් එම ප්‍රකාශය මෙතෙක් ක්‍රියාවට යොදවා නොමැති බවයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ.
මැතිවරණ ප්‍රචාරක වියදම් පාලනයට අදාළ නීති කඩිනමින් සම්මත කිරීමට රජය පියවර ගත යුතු බවත් පැෆරල් ආයතනයේ අධ්‍යක්ෂවරයා පවසයි.
කල් දමා තිබෙන පලාත් පාලන ආයතනවල ඡන්ද විමසීම් පවත්වන දිනය ප්‍රසිද්ධියට පත් කරන මෙන් රජයට නියෝග කරන මෙන් ඉල්ලා සිටිමින් පැෆරල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝබර් මස හත් වෙනි දිනට කල් තැබුණි.