ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
119 පහසුකම් දෙමළ භාෂාවෙනුත්
දෙමළ ජනතාවට ඔවුන්ගේ ගැටළු සිය භාෂාවෙන් ඉදිරිපත් කළ හැකි පොලිස් හදිසි දුරකථන සේවා උතුරු පළාතට හඳුන්වා දෙනු ලබයි.
පොලිසිය වෙත පැමිණෙන ඕනෑම අයකුට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි පොලිස්පති පූජිත ජයසුන්දර පෙන්වා දෙන්නේ.
ඔහු ඒ බව කියා සිටියේ වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති උත්සවයකදී.
මේ අතර පොලිසිය සමග කටයුතු කිරීමෙදී මෙතෙක් දෙමළ වැසියන්ට තිබූ භාෂා ගැටලුව බොහෝ දුරට විසඳි ඇතැයි එම අවස්ථාවට සහභාගී වී සිටි වන්නි පුරවැසි කමිටුවේ සභාපති එස්.ශිවඥාණම් කියා සිටියේය.
ඔහු පැවසුවේ පෙරට වඩා දෙමළ වැසියන්ට ඔවුන්ගේ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතු රැසකට පොලිසිය තුළ අවස්ථාව උදා වී ඇති බවයි.
පොලිස්පතිවරයා සඳහන් කළේ ජාතීන් අතර සුහදතාවය හා සංහිඳියාව වර්ධනය කර වීම පිණිස භාෂාව ඉතා වැදගත් වන බවයි.
රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පොලිසිය සකස් කිරීමත් මහජනතාවට ඉතා ඉහල මෙන්ම උපරිම සේවාවක් ලැබෙන තත්ත්වයකට පොලිසිය පත් කරන බවත් පොලිස්පතිවරයා පැවසීය.