පැණි, ලුණු, පිටි කෑමට බද්දක් - සෞඛ්‍යය ඇමති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව තුළ 68% ක් මරණවලට හේතු වී ඇති බෝ නොවන රෝග පාලනය සඳහා අධික සීනි, මේදය සහ ලුණු අඩංගු ආහාර සඳහා ඉහළ බද්දක් පැනවීමට කටයුතු කරන බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ඇමතිවරයා ඒ බව කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"අධික රුධිර පීඩනය, අංශ භාගය, දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග. මේ රෝග තත්වයන් තමයි අපිට තිබෙන ප්‍රධාන අභියෝග."
"දුම් කොළ හා මද්‍යසාර භාවිතය, අක්‍රිය ජන ජීවිතය, අහිතකර ආහාර හා මානසික ආතතිය වැනි දේවල් තමයි මේ රෝග ඇති වෙන්න හේතු."
දුම් පානයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිර්දේශ කරන ලද පොදු ස්ථානවල දුම් බිම තහනම් කිරීම, රූපමය අවවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති බව කියා සිටි සෞඛ්‍යය අමාත්‍යවරයා එම නිෂ්පාදනවල බදු ඉහළ නැංවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවත් සඳහන් කළේය.
"72% ක් වන වර්තමාන දුම් කොළ බද්ද 90% දක්වා වැඩි කරන්නත් ඒකට 15% ක වැට් බද්දක් පනවන්නත් යෝජනා කොට තිබෙනවා."
දුම් කොළ නිෂ්පාදන සඳහා බදු වැඩි කිරීමෙන් දුම් පානය අවම කළ හැකි දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ බදු ඉහළ නැංවීමට කටයුතු කළ සෑම අවස්ථාවකදීම 4% ක පමණ පිරිසක් දුම් බීමෙන් ඉවත් වී ඇති බවයි.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරය සඳුදා ආරම්භ වූයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී.
සමුළුව සඳහා කලාපයේ සෞඛ්‍යය අමාත්‍යවරුන් ඇතුළු විදේශීය සෞඛ්‍යය බලධාරීන් 200 දෙනෙක් සහභාගී වූහ.








