ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ 'වෙබ් හැකරුන්' ගේ සංසදයක්
වෙබ් අඩවි පාලනයට අනවසරයෙන් ප්‍රවේශ වන( 'හැක්' කරන ) පුද්ගලයින්ගෙන් සමන්විත සංසදයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන බව රහස් පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට නීති විරෝධී ලෙස ප්‍රවේශ වී එහි දත්ත වෙනස් කල බවට චෝදනා එල්ල වී තිබෙන සැකකරුවන් දෙදෙනාට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී රහස් පොලිසිය මේ බව දන්වා සිටියා.
වෙබ් අඩවි තුළට අයුතු ලෙස ඇතුළු වී නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ගේ සංසදයක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව පැවසූ රහස් පොලිසිය එහි පුද්ගලයින් 150 ක් පමණ සාමාජිකත්වය ගෙන සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි කියා සිටියේ.
මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලිසිය කියා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අධිකරණය ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියට සම්බන්ධව රිමාන්ඩ් භාරයට පත්කර තිබු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියම කළ බව විත්තියේ නීතිවේදී සුසන්ත දොඩාවත්ත කියා සිටියේය.
නඩු විභාගය නොවැම්බර් මස 11 වනදාට කල් තැබූ අධිකරණය මින් මතුවට මෙවැනි ක්‍රියාවල නිරතවීමෙන් වළකින මෙන් ඇප මත මුදා හල පාසල් සිසුවාට නියම කළේය.