'පුතුනි ! කෙලෙස අතැර යන්නද නුඹ?'

ඇතින්නක තම කුසෙන් උපන් අලිපැටවා මියගොස් තිබියදීත් එම දේහය අසල රැඳී සිටිමින් එයට රැකවරණය ලබාදුන් ආකාරය ඊයේ (31) වැල්ලවාය දෙමළිය වැව ආශ්‍රිත ප්‍රදේශයකදී දකින්නට ලැබුණි.
දෙමළිය වැව අසල දහවල් කාලයේ ඇතින්නක රැඳී සිටින බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් පිලිබඳ සොයා බැලීමට එම ස්ථානයට ගිය ලුණුගම් වෙහෙර වනජීවී කාර්යාලයේ නිලධාරින් හට දකින්නට ලැබුණේ පැටවෙකු ලඟ රැඳී සිටින මවු ඇතින්නකි.

මේ බව සැලවී එම ස්ථානයට ගිය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසීයට එවා තිබූ ඡායාරූප කිහිපයකි
ඇතින්නගේ ශරීර ලක්ෂණ අනුව පැටවා එදිනම උපන් බව වන ජීවී නිලධාරින් පැවසූ අතර අලි පැටවා එම අවස්ථාවේ මියගොස් තිබුණි.
තම මියගිය පැටවා අතහැර නොයා එම ස්ථානයේ රැඳී සිටිමින් පැටවාගේ ඇඟට වසන මැස්සන් එලවමින් සිටින ඇතින්නගේ මවු සෙනෙහස බලාසිටියවුන්ගේ දෙනෙතට කඳුළු නැංවීමට සමත්විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
වන ජීවී නිලධාරින් පැය තුනකට වඩා කාලයක් එම ස්ථානයේ රැඳී සිටියත් ඇතින්න පැටවා කෙරෙන් ඉවත් නොවූ බැවින් ඇතින්නගේ මවු සෙනෙහසට බදා නොකරමින් වන ජීවී නිලධාරීන් ඉවත්ව ගියේ ඇතින්න අසලට නොයන ලෙස ප්‍රදේශ වාසීන් දැනුවත් කරමිනි.
ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අප වෙත එවා තිබුණු ඡායාරූප කිහිපයකි පහත




