ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දූෂණවලට වැට බැඳීම දේශපාලන පළිගැනීමක්ද? - රනිල්
දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම දේශපාලන පළිගැනීමක් වන්නේ කෙසේදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි.
වත්මන් යහපාලන ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මැති ඇමතිවරුන් සිටින බැවින් දේශපාලන පළිගැනීම් සිදු කිරීම ප්‍රායෝගික නොවන බව අගමැතිවරයා කියා සිටියේ කුරුණෑගල පැවති එක්සත් ජාතික පක්ෂ සමුළුවක් අමතමිනි.
"අපි පළිගන්න ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ ඇමතිවරු කෑ ගහනවා. අපේ සාමාජිකයන්ගෙන් පළිගන්න ආවොත් අපි කෑ ගහනවා. ජේවීපී එකෙන් පළිගන්නද? ඒ අය පාර්ලිමේන්තුවේ කෑ ගහනවා," අගම්තිවරයා පැවසීය.
"කාගෙන්ද පළිගන්නේ? පළිගන්න බැහැ."
දේශපාලන පළිගැනීම් සිදු කරන බවට ආණ්ඩුවට චෝදනා කරන පිරිස්වලට පොදු සටන් පාඨයක් නොමැති බවත් දූෂණ චෝදනා එල්ල වන පුද්ගලයන් සිර භාරයට නොගන්නා ලෙස හඬ නැගීම ඔවුන්ගේ එකම සටන් පාඨය වී ඇති බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.