ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැසිනෝ ආයෝජනවලට ඉඩ නැහැ - අගමැති
ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පිහිටුවීම සඳහා කිසිදු ආයෝජකයෙකුට ඉඩකඩ ලබා නොදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා ඒ බව පවසා ඇත්තේ සිංගප්පූරුවේ නිල සංචාරය අතරතුර එරට ජාත්‍යන්තර ව්‍යවසාය සංවිධානයේ මෙහෙයවීමෙන් අඟහරුවාදා පැවති ව්‍යාපාරික හමුවක් අමතමිනි.
කැසිනෝ ව්‍යාපාර පිහිටුවීමට සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රට සංවර්ධනය සඳහා කැසිනෝ ව්‍යාපාර උපකාරී කර ගැනීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නොවන බව අගමැතිවරයා අවධාරණය කල බවයි අගමැති කාර්යාලය නිවේදනය කළේ
කර්මාන්ත, සංචාරක, බලශක්ති, නිවාස, ඉදිකිරීම්, පරිසර, නගර සැලසුම් ආදී ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ආයෝජන කටයුතු සිදු කිරීමේ හැකියාවන් පිළිබඳ එහිදී අගමැතිවරයා සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් අතර සාකච්ඡා සිදු වී තිබේ.
සිය තෙදින නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බදාදා උදෑසන ශ්‍රී ලංකාව බලා පැමිණියේය.