ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නායකයා පක්ෂය විනාශ කරනවා - බැසිල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය එම පක්ෂය විනාශය කරා මෙහෙයවමින් සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
නිල වශයෙන් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වූ ශ්‍රීලනිපය සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා දස දෙනකුවත් සොයා ගැනීමට නොහැකි තත්වයකට මුහුණ දී ඇති බවයි හිටපු ඇමතිවරයා සඳහන් කළේ.
මේ වන විට රටේ පක්ෂ දේශපාලනය තුළ යමි කිසි විකෘතියක් ඇති වී තිබෙන ඔහු කියා සිටියේ බදුල්ල හල්දුම්මුල්ලේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට කටයුතු කළ පුද්ගලයාට එම පක්ෂයේ නායකත්වය ලබා දීම 'නරියාට කුකුළන් භාර දීමක්' ලෙසයි හිටපු ඇමතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ.
නව ජාතික ව්‍යාපාරයක් ආරම්භ කොට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බවත් හිටපු ඇමතිවරයා කියා සිටියේය.
'එම ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් බිහි වෙනවා'
ඊට එක් වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ ආණ්ඩුවට එරෙහි ඓතිහාසික පාගමනක් ලබන 28 වනදා මහනුවරින් ආරම්භ වන බවයි.