ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංස්කෘතික නියෝජ්‍ය ඇමති දිවි නසා ගැනීමේ උත්සාහයක
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධනය සහ සංස්කෘතික කටයුතු භාර නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම සිය දිවි නසා ගැනීමේ උත්සාහයක නිරත විය.
නියෝජ්‍ය ඇමතිවරයා ගෙල වැල ලා ගැනීමට උත්සාහ කර ඇත්තේ මතුගම පළාතේ පාසලක දීයි.
එම ප්‍රයත්නයෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු නාගොඩ රෝහලට ඇතුලත් කොට ඇත.
මතුගම පළාතේ පාසලකට සිසුන් කිහිප දෙනෙකු ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප වීමේ සිද්ධියකට විරෝධය පා පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා උපවාසයක් ආරම්භ කර තිබුණි.
තම ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් දිවි නසා ගන්නා බවට ඔහු අනතුරු ඇඟවීමක් කර තිබුණු බවයි වාර්තා වන්නේ.