ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද අපරාධ: දේශීය යාන්ත්‍රණයකට එකඟ නෑ - විග්නේශ්වරන්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් මාර්ගයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධ බව උතුරේ මහ ඇමතිවරයා පවසයි.
ජාත්‍යන්තර විනිසුරන්ද සම්බන්ධ නම් පමණක් රට තුල යාන්ත්‍රණයක් පිළිබඳව සලකා බැලීමට සූදානම් බවත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් පැවසීය.
ඔහු ඒ බව සඳහන් කළේ, රටවල් හයක තානාපතිවරුන් සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් වරින් වර පැමිණ සාකච්ඡා කළේ කවර කරුණු දැයි මාධ්‍යවේදීන් යාපනයේදී ඔහුගෙන් විමසූ අවස්ථාවේ.
ෆෙඩරල් විසඳුම
දැනට රටේ පවතින වාතාවරණය අනුව අධිකරණය සම්බන්ධයෙන් පමණක් නොව කිසිදු ස්ථානයක සාධාරණය ඉටු නොවන වටපිටාවක් ගොඩ නැගී ඇති අයුරක් පෙනී යන බවත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
පක්ෂයක් වශයෙන් දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටි කුමන ඉල්ලීමක් හෝ මෙතෙක් ඉටුවී නොමැති බව පවසන මහ ඇමතිවරයා, දකුණේ 'ජාතිවාදී පක්ෂවල' විරෝධතා මත යැපෙමින් රටේ දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ ප්‍රශ්නයට එකම විසඳුම උතුරු නැගෙනහිර පළාත් එකතු කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම පමණක් යැයි තමන් උතුරට පැමිණි සියලුම විදේශීය නියෝජිතයින් හමුවේ සඳහන් කළ බවයි මහ ඇමති විග්නේශ්වරන් පවසන්නේ.
ජිනීවා මානව හිමිකම් කමිටුවේ මීළඟ රැස්වීමේදී මේ සියලු තොරතුරු ඉදිරිපත් කරණ බවත් මහ ඇමති විග්නේශ්වරන් වැඩිදුරටත් පැවසීය.