ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විශාලතම කොකේන් තොගය: නව STF ඒකකයේ 'පළමු මෙහෙයුම'
විශේෂ කාර්ය සාධක බලකායට අයත් නව ඒකකයේ පළමු මෙහෙයුම මගින් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පවසයි.
ඉහත කී විශේෂ ඒකකය සහ මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයක් වෙත ලැබුණු තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව කොකේන් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පවසන්නේ.
ඉදිරියේදීත් මෙවැනිම අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට සූදානම් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
කිලෝ ග්‍රෑම් 91.3ක බරින් යුතු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙසීයක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබේ.
ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
සීනි ගෙන්වන මුවාවෙන් බ්‍රසීලයේ සිට මත්ද්‍රව්‍ය තොගය ගෙන්වා තිබෙන අතර කිලෝ ග්‍රෑම් 50 සීනි බෑග් අතරේ කළු පැහැති ගමන් මළු තුනක මත්ද්‍රව්‍ය සඟවා තිබූ බවත් පොලිසිය කියා සිටියේය.
මත්ද්‍රව්‍ය මර්දනය සඳහා රජය විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන බව ඉහත කී මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.