ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආධාර රැගෙන 'රැඳවුම් කඳවුරු වෙත යන්න එපා' - ඉල්ලීමක්
ගංවතුර සහනාධාර රැගෙන තාවකාලික රැඳවුම් කඳවුරු පිහිටි ස්ථාන වෙත යෑමෙන් වළකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දිගින් දිගටම ආධාර ලැබෙමින් පවතින බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් නිසි පරිදි බෙදා හැරීම පිණිස එම ආධාර අදාළ බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට පමණක් ලබා දීම යෝග්‍ය බව අවධාරණය කරයි.
කැළණි ගඟේ ජල මට්ටම තරමක් දුරට පහල බසිමින් තිබෙන නමුත් විශේෂයෙන්ම සනීපාරක්ෂාව තහවුරු වී නැති බැවින් ගංවතුරට යට වූ ප්‍රදේශවල ජනතාවට තවමත් සිය නිවාසවල පදිංචි වීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පැවසීය.
ආධාර බදා හැරීම හෝ ලබාගැනීම සම්බන්ධ සියලු විමසීම් 117, 13612, 1361 සහ 136 අංකවලට යොමු කරන මෙන්ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
නාය යෑම් සම්බන්ධයෙන් හෝ ගංගා ජලය ඉහල යාම පිළිබඳව දිගටම විමසිල්ලෙන් සිටින ලෙසත් බලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් කරති.