ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාමල් ජනපති කොමිසමට, යෝෂිත FCIDයට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට සහ ඔහුගේ සොහොයුරු යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා ඇත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රජයට අයත් හෙලිකොප්ටර් යානා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
ඉහත කී චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද එම කොමිසම හමුවට සඳුදා කැඳවා තිබිණි.
මේ අතර හිටපු ජනපතිවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවනු ලැබ තිබුණේ දෙහිවල ප්‍රදේශයේ පිහිටි නිවසක නීත්‍යානුකූල හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.