ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රතිසංවිධානය කරනවා - පොලිස්පති
පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ''ශක්තිමත් ලෙස ප්‍රතිසංවිධානය'' කිරීමේ අරමුණින් එම ඒකකය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.
පදනම් විරහිත ප්‍රකාශ ජන ගත වීම වළක්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව හොඳින් කරුණු විමසා බලා මාධ්‍ය වෙත නිසි තොරතුරු ලබා දීමේ වැඩපිළිවලක් සකස් කරන බව පොලිස්පතිවරයා කියා සිටියේ මහනුවරට පැමිණ මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
'යම් වැඩපිළිවලක් යොදනවා කුමන ආකාරයටද? කුමන අවස්ථාවකදීද? කුමන දිනකටද? මොන මොන සිද්ධීන් වලටද? අපි ජනමාධ්‍ය දැනුවත් කරන්නේ කියලා' ඔහු සඳහන් කළේය.
අදාළ වැඩපිළිවල සකස් කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත නොවනු ඇති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර වැඩිදුරටත් කියා සිටියේය.