ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'එල්ටීටීඊ හිටපු නායකයෙක්' ත්‍රස්ත විමර්ශන භාරයේ
පුනරුත්තාපනය ලද එල්ටීටීඊ හිටපු නායකයකු වන රාම් නැමැත්තා සිය භාරයේ පසු වන බව පොලිසිය තහවුරු කරයි.
පසුගිය සෙනසුරාදා සිට සිය සැමියා අතුරුදහන් වී ඇති බවට රාම්ගේ බිරිඳ පොලිසියට පැමිණිලි කොට තිබිණි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බවයි පොලිසිය කියා සිටියේ.
පුනරුත්තාපනය ලබා නිදහස් වී සිටි එල්ටීටීඊ හිටපු සාමාජික රාම් එවකට එම සංවිධානයේ මඩකලපු ප්‍රදේශයට නායකත්වය ලබා දී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.