ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාජුදීන් ඝාතනය: පොලිස් පරීක්ෂක රිමාන්ඩ් භාරයට
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සිද්ධිය වූ වකවානුවේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල සුමිත් චින්තක පෙරේරා නමැති පොලිස් පරීක්ෂවරයා අද රහස් පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ වසීම් තාජුදින්ගේ මරණයට අදාළ පරීක්ෂණ තොරතුරු වසන් කිරීමට මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇති බවයි.
පරීක්ෂණ කටයුතු අවසන් නොමැති බැවින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මෙම ඉල්ලීමට විරෝධය පළ කල විත්ති පාර්ශවයේ නීතිඥ ආශා කහවත්ත තාජුදීන් ඝාතනය කිරීමට සම්බන්ධයැයි සැක කෙරෙන පුද්ගලයින් පසෙක සිටියදී කිසිදු සම්බන්ධයක් නොමැති මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීම තුළින් පොලිසිය හාස්‍ය ජනක ක්‍රියාවක් සිදුකර ඇති බවටයි චෝදනා කළේ.
ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
විත්තියේ නීතිඥවරිය කල ඉල්ලීමක් පිළිගත් අධිකරණය රිමාන්ඩ් භාරයේදී සැකකරුට විශේෂ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නැයි බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.
වසීම් තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් බව එම වකවානුවේ පොලිසිය ප්‍රකාශ කර තිබුණි.
එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ඊට අදාළව නව පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර එහිදී අධිකරණය තීරණය කලේ මෙම මරණය ඝාතනයක් බවයි.