WT20: කාන්තා ලෝක ශූරතාව කොදෙව්වන්ට

ඡායාරූප මූලාශ්‍රය, Getty

විස්සයි විස්ස ලෝක කාන්තා ක්‍රිකට් කුසලාන අවසන් මහා තරඟයේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟයෙන් කොදෙව් පිළ තියුණු ජයක් වාර්තා කළේය.

පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඕවර විස්ස අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 148 ක් රැස් කළහ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් එල්සි විලානි සහ නායිකා මැග් ලැනින් ලකුණු 52 බැගින් රැස් කිරීමට සමත් වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ලකුණු 149 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 19 යි පන්දු 03 ක් තුළ ජයග්‍රහණය කරා ළඟා වූයේ කඩුලු 08 ක් ඉතිරිව තිබියදී.

කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා අනගි සම්බන්ධතාවක් පැවැත්වූ ස්ටේෆනි ටේලර් ලකුණු 59 ක් රැස් කළ අතර හේලි මැතිව්ස් ලකුණු 66 ක් රැස් කර ගැනීමට සමත් විය.