WT20: ශ්‍රී ලංකාව අවසන් තරඟයත් පරාදයි

ඡායාරූප මූලාශ්‍රය, Getty
ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟයෙන් දකුණු අප්‍රිකාව පහසු ජයක් වාර්තා කළේය.
පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 19 පන්දු 03 කදී සියලු දෙනා දැවී ලකුණු 120 ක් රැස් කළහ.
ශ්‍රී කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් ලබාගත් ලකුණු 36 කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ලකුණු 121 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ පන්දු ඕවර 17 පන්දු 04 කදී කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රහණය කරා ළඟා වූහ.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් හෂීම් අම්ලා නොදැවී ලකුණු 56 ක් රැස් කළේය.
විස්සයි විස්ස ජගත් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරඟය මෙයයි.




