ශ්‍රී ලංකාව ලකුණු 64 කින් පරාදයි

පිට පිටම ශතක තුනක් වාර්තා කරමින් සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර දැක්වූ දස්කම් කැපී පෙනුණි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පිට පිටම ශතක තුනක් වාර්තා කරමින් සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර දැක්වූ දස්කම් කැපී පෙනුණි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු ලෝක කුසලාන මූලික වටයේ තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 64 කින් පරාජයට පත්විය.

ජගත් කුසලාන ඉතිහාසයේ දෙවැනි වේගවත්ම ශතකය වාර්තා කරමින් ග්ලෙන් මැක්ස්වෙල්ගේ වේගවත් පිතිහරඹය සහ මෙවර කුසලානයේදී පිට පිටම ශතක තුනක් වාර්තා කරමින් සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර දැක්වූ දස්කම් තරඟයේදී කැපී පෙනුණි.

එය ග්ලෙන් මැක්ස්වෙල්ගේ පළමු එක්දින ජාත්‍යන්තර ශතකය වීමත් විශේෂත්වයක්.

සංගක්කාර ශතකයක් සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතකයක් වාර්තා කළත් ප්‍රතිවාදීන් කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු 376 හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් නොවීය.

ජගත් කුසලානයේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියාව මුලින්ම අයර්ලන්තය හෝ පාකිස්තානයට එරෙහිව තරඟ වදිනු ඇතැයි අපේක්ෂිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 11 වැනිදා මුල් වටයේ අවසාන තරඟයේ දී ස්කොට්ලන්තයට එරෙහිව තරඟ වැදීමට නියමිතයි.