තිලකරත්න ඩිල්ශාන් ටෙස්ට් පිටියෙන් සමුගනියි

තිලකරත්න ඩිල්ශාන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ලකුණු 40.98 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් තිලකරත්න ඩිල්ශාන් ටෙස්ට් තරඟ 87 ක් ක්‍රීඩා කොට තිබේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කොට තිබේ.

ඩිල්ශාන්ගේ සමු ගැනීම සනාථ ක‍රන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ වැඩි විස්තර හෙළි කිරීමට නියමිත බවද පවසයි.

ලකුණු 40.98 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ටෙස්ට් තරඟ 87 ක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ශාන්, ප්‍රහාරාත්මක පිති හරඹයක යෙදෙමින් එක් දින තරඟ පිටියේද විශේෂ දස්කම් දැක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයෙන් අනතුරුව ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට මුලින් තීරණය කොට සිටි නමුත්, සිම්බාබ්වේ සංචාරය කල් දැමීම හේතුවෙන් මේ මොහොතේ සමු ගැනීමට තීරණය කළ බවයි, ඔහු ඊඑස්පීඑන් මාධ්‍ය ජාලයට පවසා තිබුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවද්දී, 2011 දී එංගලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 193 ඔහුගේ ටෙස්ට් ජීවිතයේ දක්ෂතම ඉනිමයි.

2011 ලෝක කුසලානය සමයේදී ඩිල්ශාන් බීබීසී සංදේශය සහ ක්‍රීඩා වෙබ් අඩවිය සමඟ විශේෂ තීරු ලිපි මාලාවකටද සහභාගි විය.