ක්‍රීඩාවේ වර්ගවාදයට එරෙහිව දැඩි නව විධි විධාන

ක්‍රීඩාව තුළ බලපැවැත්වෙන වර්ගවාදය සහ වෙනත් ආකාරයේ වෙනස්කම් සිදුකරනු ලැබීමට එරෙහිව ඉතාම දැඩි නව විධි විධාන ක්‍රියාවට නංවනු ලැබීමේ වැඩපිළිවෙලකට ජාත්‍යන්තර පාපන්දු පාලක මණ්ඩලයේ (FIFA) අති බහුතරයේ සහයෝගය පළ වී ඇත.
නව විධිවිධාන සම්බන්ධයෙන් පැවැත්වුන ඡන්ද විමසීමකින් අනතුරුව ජාත්‍යන්තර පාපන්දු පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම්, ජෙරොම් වෝල්ස්කේ (Jerome Valcke) බීබීසියට ප්‍රකාශයක් කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිකාලයෙහි වර්ගවාදී හෝ වෙනත් වෙනස්කම්වලට ගොදුරු කෙරුනොත් නව වැඩ පිළිවෙල යටතේ ඔවුන්ට රැකවරණයක් සහතික කෙරෙන බවයි කියාසිටියේ.
මහලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර පාපන්දු පාලක මණ්ඩලයේ නව විධි විධාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම නිලධාරීන් සහ තරඟ නරඹන්නන්ටද බල පැවැත්වෙන බවයි.
වැරදි කරන ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක වේනම් ඔහුට ඇයට අවම වශයෙන් තරඟ පහක තහංචියක් පැනවීමට හැකිවීම, ඉහත කී නව සැලැස්ම යටතේ ගනු ලැබ ඇති තවත් තීරණයක්.
එසේම ක්‍රීඩාලෝලීන් දිගින් දිගටම අනිසි ආකාරයට ක්‍රියා කළ හොත් ඔවුන් අයත් ක්‍රීඩා සමාජයේ ළකුණු කප්පාදු කළ හැකිවීමක් ද නව විධිවිධානවලට ඇතුලත් වෙයි.




