කැන්ගරුවන්ට එරෙහිව සිංහයින් අද සටනට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි දොළොස්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත ය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අද තරගයට සහභාගී වන්නේ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිත කණ්ඩායම් ලෙසයි.
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණු දුන් පළමු තරගය වූ බංග්ලාදේශයට එරෙහි තරගය විශිෂ්ට ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඕස්ට්‍රේලියාවද දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු තරගය ජය ගත්තේ ය.
අද, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30ට තරගය ආරම්භ වන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී යි.
දෙරට අතර ක්‍රිකට් ඉතිහාසයේ දී දෙපිළම විස්සයි-20 තරග 16කදී මුණ ගැසී ඇත. ඉන් දෙපිළම තරග 8 බැගින් ජය ලබා සම තත්ත්වයේ පසුවෙයි.
එනිසා, සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ අපරාජිතව පසුවන මෙම කණ්ඩායම් දෙකෙන් අද ජයග්‍රහණය අත්පත්කර ගන්නා කණ්ඩායම පෙරමුණ ගන්නවා පමණක් නොව, දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණයන් ලබන රට බවටද පත්වනු ඇත.
මේ වන විට පන්දුවාර 20/20 ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් අනුව ඕස්ට්‍රේලියාව 06 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 09 වැනි ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව විස්සයි-20 ලෝක කුසලාන තරගවලදී තෙවරක් මුහුණට මුහුණ හමුවී තිබේ. ඉන් දෙවතාවකදී (2007 සහ 2010) ජය ඕස්ට්‍රේලියාවට හිමිවූ අතර, ශ්‍රී ලංකාව 2009 වසරේදී ජයගැනීමට සමත්විය.
කෙසේ වෙතත් දෙරට අවසන් වරට මුණගැසුණු අවස්ථා 4 දීම ජය වාර්තා කළේ ඕස්ට්‍රේලියානු පිල යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ අසීරුතම කාණ්ඩය වශයෙන් ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් ඇතුළත්ව සිටින 'A' කාණ්ඩය හැඳින්වෙන බැවින්, අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීම සඳහා අද තරගය ජය ගැනීම දෙපිළටම ඉතා වැදගත් වනු ඇත.
මහේෂ් තීක්ෂණ සූදානම්
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5 ක ජයග්‍රහණයක් වාර්තා කළ තරගය මහේෂ් තීක්ෂණගේ සහභාගීත්වයෙන් තොරව තරගය ජය ගැනීම කැපී පෙනුනි.
ඇලපත ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් හේතුවෙන් තීක්ෂණට එම තරගය මඟහරුණු නමුත්, ඔහු අද තරගයට සහභාගීවීමට උචිත ලෙස පූර්ණ සුවයෙන් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසයි.
මීට පෙර මහේෂ් තීක්ෂණගේ පන්දුවලට මුහුණු දී නැති ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට අද පැවැත්වෙන තරගයේදී මහේෂ් තීක්ෂණ ප්‍රබල අභියෝගයක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයින්ගේ අදහසයි. බංග්ලාදේශයට එරෙහි තරගයේදී චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ එක්ව ප්‍රදර්ශනය කරන ලද පිතිකරණ දක්ෂතා ද කණ්ඩායම තුළ වැඩි විශ්වාසයක් ගොඩ නැඟීමට හේතුවී ඇත.
තරගාවලිය ආරම්භ වන විට දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටි නමුත්, පසුගිය ඉරිදා අසලංකගේ ඉනිමෙන් පසුව, අසලංක එම ස්ථානය තමාටම අයිතිකර ගැනීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා පුහුණුකරු පවසයි. අසලංක පවසා ඇත්තේද පන්දුවට පහර දීමට තමාට වඩාත් පහසු ස්ථානය එය බවයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
සිංහ - කැන්ගරු සටනේ සාමාජිකයින්
ඔස්ට්‍රේලියාව - ඒරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මාර්කස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, ඇඩම් සම්පා, ජෝස් හෙසල්වුඩ්, ඇෂ්ටන් ඒගර්, ජොෂ් ඉන්ග්ලිස්, කේන් රිචර්ඩ්සන්, මිචෙල් ස්වෙප්සන්.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ශ්‍රී ලංකාව - කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
මහේලගේ භූමිකාව සහ මාලිංගගේ ප්‍රතිචාරය
සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ, තමා නිරන්තරයෙන් කණ්ඩායම සමග සිටින බවයි.
කණ්ඩායමේ සැලසුම් පිළිබඳව ඔන්ලයින් මඟින් වැඩිදුර සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියේ ය.
"කණ්ඩායම දැන් දන්නවා පිටිය මැදට ගිහිල්ලා මොකද්ද කළ යුත්තේ කියලා. හොඳ අවබෝධයක් තියෙනවා. සැලසුම් හදලා තියෙන්නේ ඉදිරි තරග සඳහා," මහේල පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් ද මාලිංග මහේලගේ භූමිකාව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූයේ ය. ඔහු සඳහන් කළේ, මහේල සති දෙකක් තුළ කණ්ඩායමේ සිදුකළ වෙනස සැසඳූවිට, වසර හතරක් තිස්සේ පුහුණුකරුවන් මඟින් කුමක් කළේදැයි යන ප්‍රශ්නය තමාට පැන නඟින බවයි.
"මහේල දන්නවා ක්‍රීඩකයාට ක්‍රීඩකයා කවුද කියලා පැහැදිලි කරලා දෙන්න. දැන් ගේම් එක වෙනස්. ගේම් එක ඇනලයිස් කරන්න ඕනේ සහ රීඩ් කරන්න ඕනේ," මාලිංග වැඩිදුරටත් පැවසීය.









