ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ මුත්තයියා මුරලිදරන්: දුස්රාවෙන් ලොව හෙල්ලූ මුරලි තැබූ වාර්තා

Sri Lankan skipper Sanath Jayasuriya (L) and team wicketkeeper Kumara Sangakkara (R) congratulate spinner Muttiah Muralitharan (C) after Muralitharan claimed the wicket of Indian batsman Sameer Dighe (not in picture) on the first day of the third and the final Test match between Sri Lanka and India at the Singhalese Sports Club cricket stadium in Colombo 29 August 2001. Muralithran took eight Indian wickets to restrict India to 234 all out in their first innings. Sri Lanka and India are tied 1-1 in the three-Test match series. AFP PHOTO/Arko DATTA / AFP P

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 20 වසකට පෙර (2001) සනත්, මුරලි සහ සංගක්කාර

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හිරු රූපවාහිනී නාලිකාවේ 'සලකුණ' සංවාදමය වැඩසටහනට සහභාගී වීමත් සමග ඒ පිළිබඳ සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් අදහස් හුවමාරු වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත මුහුණ දී ඇති අර්බුදය මුල් කර ගනිමින් පැවති සංවාදයේදී වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදීන් සහ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වෙතින් පළ වූ ප්‍රතිචාර ඊට මුල් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනෙකු මුරලි ක්‍රීඩා පිටියේ දැක්වූ දක්ෂතා සහ ශ්‍රී ලංකාව වෙත ගෙන ආ ගෞරවය පිළිබඳ මතකය අවදි කර තිබිණි.

පහත දැක්වෙන්නේ ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන මුරලි දිනා ගත් ජයග්‍රහණ පිළිබඳ කෙටි විමසුමකි.

Murali

ලොව වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා වන 'මුරලි' 90 දශකය ආරම්භයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් විය.

ඔහු ක්‍රීඩා පිටියේ ප්‍රශංසාවට ලක් වූවා සේම ඔහුගේ පන්දු යැවීමේ විලාශය ඇතැම් විනිසුරන්ගේ මතභේදයට හේතු විය.

Presentational grey line
Presentational grey line

1995 වසරේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී ක්‍රිකට් විනිසුරු ඩැරල් හෙයාර් ඔහු පන්දුව දමා ගසන බවට චෝදනා කළේය.

එහෙත් පසුව ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද පරීක්ෂණවලින් පසු ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ඔප්පු විය.

මුරලි ටෙස්ට් තරඟ 133 ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 350 කට සහභාගී වී තිබේ. ජාත්‍යන්තර 20/20 තරඟ 12 කට සහභාගී වී ඇත.

බොහෝ ආක්‍රමණශීලී පිතිකරුවන්ගේ බල බිඳීමට ඔහුගේ 'දුස්රාවට' හැකි විය.

දඟ පන්දු ලොවේ පිටියේ ප්‍රතිවාදියා ෂේන් වොන් සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දඟ පන්දු ලොවේ පිටියේ ප්‍රතිවාදියා ෂේන් වොන් සමග

ටෙස්ට් තරඟ වාර්තා

1992 -2010 ටෙස්ට් තරඟ දිවිය තුළ මුරලි දවා ගත් කඩුලු සංඛ්‍යාව 800 කි. ඔහුට පසු එම ලයිස්තුවේ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වොන් සහ ඉන්දීය ක්‍රීඩක අනිල් කුම්බ්ලේ පිළිවෙලින් කඩුලු 708 සහ 619 දවාගෙන තිබේ.

වේගයෙන්ම කඩුලු 500, 600, 700, 750 සහ 800 සීමා වෙත ළඟා වූ ක්‍රීඩකයා වන්නේ ද මුරලිය.

එක් ක්‍රීඩාංගනයකදී වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයන් අතර ද මුරලි පෙරමුණේ පසුවෙයි. SSC පිටියේ පැවති ටෙස්ට් තරඟවලදී ඔහු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 166 කි. එම ලයිස්තුවේ 2 වෙනි සහ 3 වෙනි ස්ථානය ද ඔහුට හිමිව තිබීම ද විශේෂත්වයකි. ඔහු මහනුවර අස්ගිරි ක්‍රීඩාංගනයේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පිළිවෙලින් කඩුලු 117 සහ 111 බැගින් දවා ගෙන ඇත.

එක්දින ජාත්‍යන්තර තරඟ

Sri Lankan President Mahinda Rajapakse (R) presents a gift to star cricketer Muttiah Muralitharan (C) flanked by his wife Madhi Malar (L) during a tea party at the official Presidential residency in Colombo on April 4, 2011. Sri Lanka lost to India by six wickets in a thrilling World Cup final on April 2, in Mumbai. AFP PHOTO / Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2011 වසරේදී මුත්තයියා මුරලිදරන්, ඔහුගේ බිරිඳ මධි මලර් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග

1993 -2011 එක්දින තරඟ දිවිය තුළ මුරලි දවා ගත් කඩුලු සංඛ්‍යාව 534 කි. ඔහුට පසු එම ලයිස්තුවේ සිටින පකිස්තානු ක්‍රීඩකයන් වන වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් පිළිවෙලින් කඩුලු 502 සහ 416 බැගින් දවාගෙන තිබේ.

එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය තුළ වැඩියෙන්ම පන්දු යවා තිබෙන ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ මුරලිය. ඔවු විසින් යවනු ලැබ ඇති පන්දු ගණන 18,811 කි. ඔහුට පසු එම ලයිස්තුවේ සිටින පාකිස්තානු ක්‍රීඩක වසීම් අක්‍රම් යවා ඇති පන්සු ගණන 18,186 කි.

වේගයෙන්ම කඩුලු 450 සහ 500 සීමාව වෙත ළඟා වූ ක්‍රීඩකයන් අතර ද මුරලි පෙරමුණේ පසුවෙයි.

ඉහත දැක්වෙන්නේ මුත්තයියා මුරලිදරන් සිය ක්‍රීඩා දිවියේ තැබූ වාර්තා කිහිපයක් පමණි. තවත් වාර්තා ගණනාවක මුරලි අංක එකේ පසුවෙයි.

මේ ගැනත් කියවන්න: