අයිසීසී සාමාජිකත්වය: ජගත් ක්‍රිකට් සමාජයට පිවිසෙන ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායමේ ලාංකිකයින් දෙදෙනෙක්

Pubudu Dassanayake/Twitter, USA Cricket

ඡායාරූප මූලාශ්‍රය, Pubudu Dassanayake/Twitter, USA Cricket

කියවීමේ කාලය: මිනිත්තු 2

ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 105 වන සාමාජික රට ලෙස අඟහරුවාදා (ජනවාරි 08) සාමාජිකත්වය හිමි කර ගත්තේය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

එලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සමාජයට පිවිසෙන ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම ගැන තොරතුරු සොයා බලද්දී ශ්‍රී ලාංකිකයින්ට වැදගත් පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු හමු විය.

ඒ, ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ප්‍රමුඛ පෙළේ දායකත්වයක් දක්වන හෙයිනි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රීඩක පුබුදු දසනායක සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රෝයි සිල්වා එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාය.

පුබුදු දසනායකගේ භූමිකාව

USA cricket

ඡායාරූප මූලාශ්‍රය, USA cricket

පුබුදු දසනායක යනු 1993 වසරේ සිට 1994 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ කඩුලු රකින්නෙකි. ඔහු එම කාලය තුළ ටෙස්ට් තරග 11කට සහ එක්දින තරග 16කට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබේ.

ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ, පුබුදු දසනායකය.

ඇමෙරිකානු කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි කර ගැනීම දක්වා පැමිණි ගමනේ ප්‍රධාන චරිතයක් වූයේ, ඔහුය.

1970 වසරේ ජූලි මස 11 වන දා මහනුවරදී උපන් පුබුදු, ශ්‍රී ලංකාව, කැනඩාව, කොළඹ ක්‍රිකට් සමාජය (CCC), කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, එස් එස් සී ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කර තිබේ.

ඔහු ඊට පෙරාතුව කැනඩාවේ සහ නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ද කටයුතු කළේය.

රෝයි සිල්වාගේ භූමිකාව

Roy Silva/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Roy Silva/Facebook

1980 වසරේ මැයි මස 9 වන දා බලපිටියේදී උපත ලබා කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කළ රෝයි සිල්වා, ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරයි.

ඔහු ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන කණ්ඩායම් නියෝජනය කර තිබේ.

එම කණ්ඩායම් නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව 87කි.

"මගේ දෙමාපියන් ක්‍රිකට් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ. මගේ බලකිරීම මතයි මාව ක්‍රිකට් ගහන්න යැව්වේ," රෝයි සිල්වා පවසයි.

ඔහු පැවසුවේ, තමන් පාසලේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීම අහම්බයෙන් වූවක් බවය.

"මම ඒ කාලේ වේග පන්දු යැවීමටත් පන්දුවට පහර දීමටත් දක්ෂයි. ඒත් ඒ ස්ථාන මට පාසල් කණ්ඩායමේ හිමි වුණේ නැහැ. ඒත් ඒ කණ්ඩායමේ කඩුලු රකින්නෙක් හිටියෙ නැහැ. පුහුණුකරු ඇහුවා කවුද කඩුලු රකින්න කැමති කියලා. මම ඉක්මනින් අත ඉස්සුවා. ඊට පස්සේ තමයි මට පාසල් කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ."

ඔහු 2014 වසරේදී අයර්ලන්තයේ ග්ලෙන්ඩර්මොට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පන්දු වාර 40 තරගයේදී නොදැවී ලකුණු 295ක් රැස් කිරීමට සමත් විය.

Cricket Ireland

ඡායාරූප මූලාශ්‍රය, Cricket Ireland

"මං ගැන ගොඩක් කතාබහට ලක්වෙන්න හේතු වුණේ ඒ ද්විත්ව ශතකය. ඒ නිසා මට ඇමෙරිකානු කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගන්න හැකි වුණා."

මේ වන විට රෝයි සිල්වා ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි පදිංචි වී සිටී.

තවත් කියවන්න: