නේපාලය එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට: "ආඩම්බරයි"- රෝයි ඩයස්

ඡායාරූප මූලාශ්‍රය, Icc
වසර කිහිපයක් ප්‍රමාද වී හෝ නේපාලය එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීම ගැන "පුදුම සතුටක්" දැනෙන බව වසර දහයක් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රෝයි ඩයස් පවසයි.
දැනට පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අනතුරුව නේපාලය නිල වශයෙන් එක් දින ජාත්‍යන්තරය තරග පටියට පිවිසෙන බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය සිකුරාදා නිවේදනය කළේය.
ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඇතුලු බොහෝ දෙනා නේපාල කණ්ඩායමට සුභ පතා තිබුණි.
ඒ අනුව නේපාලය එක් දින ජාත්‍යන්තර පිටියට පිවිසීමට වරම් ලැබූ හය වෙනි ආසියානු කළාපීය රට බවට පත්වේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
සැබවින්ම නේපාලය එක් දින වරම් ලැබිය යුතුව තිබුණේ මීට වසර දෙකකට ඉහතදී බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු සහ උප නායකයෙකු වන රෝයි ඩයස්, නේපාල ක්‍රිකට් කණ්ඩායම යනු දැඩි මහන්සියකින් සහ කැපවීමකින් ක්‍රීඩා කරන දක්ෂ කණ්ඩායමක් බව සඳහන් කළේය.
"ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් මුලින්ම ක්‍රීඩා කරන්න පටන් ගත්තේ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයෝ හැටියට මම ඉන්න කාලේ," ඔහු පැවසීය.
"ඔවුන් දැන් ජාතික ක්‍රීඩකයෝ විදියට ඉදිරියට ඇවිල්ල එක් දින ක්ෂේත්‍රයට එක්වෙනව දකින එක ඇත්තටම මට ගෞරවයක්."
"මමත් ඒ කණ්ඩායමේ කොටසක් වීම ගැන මට ආඩම්බරයි. මම ඔවුන්ට හදවතින්ම සුභ පතනවා."
වැඩිදුරටත් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ රෝයි ඩයස් කියා සිටියේ, කණ්ඩායමේ වත්මන් නායක පාරස් කඩ්කා (Paras Khadka) "ඉතා ශක්තිමත් සහ දැනුමෙන් සපිරි" ක්‍රීඩකයෙකු බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කණ්ඩායමේ සිටින ශක්ති ගවුචන් (Shakti Gauchan) වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගැන ද ඔහු සඳහන් කළේය.
"නේපාලය ක්‍රිකට් උන්මාදය තියෙන රටක්. නේපාලයේ හැම දෙනාම මේ ගැන ආඩම්බර වෙනව ඇති. ඒ ගැන මට සැකයක් නැහැ."
පුහුණුකරු වශයෙන් කටයුතු කරන අතරවාරයේ කණ්ඩායමේ වර්ධනයට අත දුන් රොමේෂ් රත්නායක සහ තමන්ගෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු පදවිය භාරගත් පුබුදු දසනායක වැනි ශ්‍රී ලාංකිකයන් ලබා දුන් දායකත්වය ද රෝයි ඩයස් විශේෂයෙන් අගය කළේය.
ඇෆ්ඝනිස්තානය සහ අයර්ලන්තය මෑතදී අයිසීසී යේ පූර්ණ සාමාජිකයන් බවට පත්වෙමින් ටෙස්ට් ක්‍රීඩා කිරීමේ වරම් ලැබුවේය.
තවත් කියවන්න:








