ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ දරුණුතම පරාජය

ක්‍රිකට්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණුතම පරාජය වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග පැවති දෙවෙනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 239 පරාජය විය.

මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා තිබූ දරුණුතම පරාජය වූයේ2001 වසරේදී ඉනිමකින් හා ලකුණු 229 න් දකුණු අප්‍රිකාවට පරාජය වීමය.

මේ වසරේ ජුලි මාසයේදී ඉන්දියාව ලකුණු අතින් ශ්‍රී ලංකාව මෙතෙක් ලබාදී ඇති දරුණුතම පරාජය ද ශ්‍රී ලංකාවට උරුම කර දුන් අතර එවර ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරජයවුයේ ලකුණු 304 කිනි.

ඉන්දියාවේ නාග්පුර්හි අද අවසන්වූ තරගයේ ශ්‍රී ලංකා පිතිකරුවන් හා පන්දු යවන්නන් දැඩි අසරණ තත්ත්වයකට පත්කරමින් ඉන්දියාව තමන් ලෝකයේ අංක 1 කණ්ඩායම බව තවත් වරක් ඔප්පු කරමින් ක්‍රීඩා කළේය.

ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේ ලකුණු 205 කට ද දෙවෙනි ඉනිමේ ලකුණු 166 කට ද දැවී ගිය අතර ඉන්දියාව සිය ප්‍රථම ඉනිමට ලකුණු 610 ක් ලබාගත්තේ කඩුලු 6ක් පමණක් දැවී යාමෙනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගයේ කිසිදු තරගකාරිත්වයක් නොදැක්වූ අතර ඒ ගැන ක්‍රීඩා විචාරකයන් දැඩි විවේචනයන් ද එල්ල විය.

ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව

ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා ගැන FCID පරීක්ෂණ

ඉන්දියානු ප්‍රවීණ ක්‍රිකට් විචාරක සන්ජේ මන්ජ්රේකර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව දිගින් දිගටම මෙලෙස පරාජයවීමට හේතුව ලෙස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහයේ දුර්වලතා බව පෙන්වා දුණි.

"ශ්‍රී ලංකාවේ ප්‍රමාණය තමිල්නාඩුවේ භාගයක් විතර නමුත් පළමු පෙළ කණ්ඩායම් 23ක් තිබෙනවා, එතනයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටලුව" යනුවෙන් ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් ප්‍රකාශ කර තිබිණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

අවස්ථා ගණනාවක ශ්‍රී ලංකාවේ මෙම පළමු පෙළ තරග ව්‍යුහය වෙනස්කර කණ්ඩායම් අඩු ප්‍රමාණයක් ක්‍රීඩා කරන දැඩි තරගකාරී තරගවලියක් පැවැත්විය යුතු බවට හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ද මීට ඉහත දී යෝජනා කර ඇත.

කෙසේ වෙතත් කණ්ඩායම් 20 වඩා ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ 2017/18 පළමු පෙළ තරගවාරය දැන් ආරම්භවී ඇති අතර එහි පළමු තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය සංචාරයේ ආරම්භක පිතිකරු කෞෂල් සිල්වා ශතකයක් රැස් කර තිබුණි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල අදහස් පළකරමින් ක්‍රීඩා ලෝලීන් පවසා තිබුණේ මෙවන් දුර්වල තගකාරිත්වයක් ඇති තරගාවලියක දක්වන දක්ෂතා අනුව ක්‍රීඩකයන් කණ්ඩායමට කැඳවීමෙන් ඔවුන් ජාත්‍යන්තර තරගවල අසාර්ථක වන බවය.

පුවත් යොමු: