ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වයස 93 යි, තවමත් පිහිනුම් ශූරියක්
අනූ තුන් හැවිරිදි මේ කාන්තාව ලෝක පිහිනුම් වාර්තා දෙකක හිමිකාරියකි.
සිය ජීවිතයේ නම වෙනි දශකය පසුකරමින් සිටියත් නෝරා රොනායි (Nora Ronai) තවමත් ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම යාමට සූදානම් නැත.
අනෙක් අතට ඇය සිය පිහිනුම් ක්‍රීඩාවට පිවිසුණේත් තරුණ වියේ දී නොවේ. ක්‍රීඩාවට පිවිසෙන විට ඇය 69 හැවිරිදි වියේ පසු වූවාය.
2014 පැවති මාස්ටර්ස් ලෝක ශූරතාවලියේදී (Masters World Championship) රන් පදක්කම් හතක් දිනාගන්නා විට ඇය අනූ වියේ පසු වූ වයෝවෘද්ධ කාන්තාවකි.
"පිහිනුම් තටාකය මට සැනසිල්ලක් දෙනවා," ඇය පවසන්නීය.
"ශාරීරිකව නෙවෙයි මානසිකව," බීබීසී යේ සියයක් කාන්තාවෝ වැඩසටහන වෙනුවෙන් නෝරා රොනායි එසේ අදහස් පළ කළාය.
"මට පීනනව කියන්නෙ ටිකක් රිලැක්ස් කරන්න ලස්සන වෙරළකට ආව වගේ හැඟීමක් දැනෙන දෙයක්."
අධිෂ්ඨානය සහ අවශ්‍යතාව තිබේ නම් ඒ සඳහා කාල වෙලාව සොයා ගැනීම අපහසු කාර්යයක් නොවන බව බ්‍රසීල ජාතික හිටපු ගෘහ නිර්මාණ ශිල්පිනිය අවධාරණය කරන්නීය.
"යමක් කරන්න සැබෑ වුවමනාවක් තියෙනව නම් ඒකට වෙලාවක් නෑ කියන්න බෑ."
'සියයක් කාන්තාවෝ' විශේෂාංගය මේ සතියේ විමසා බලන්නේ ලිංගිකත්වය මත පදනම්ව ක්‍රීඩා ක්ෂේත්රයේ දී කාන්තාවන්ට වෙනස්කම් කිරීම (sexism in sport) පිළිබඳවය.
"ඇත්තටම එහෙම වෙනස්කම් කෙරෙනවා. ඒත් ඒවා මට බලපෑවෙත් නෑ, ඒවා නිසා මම කිසිම දෙයක් නැවැත්තුවෙත් නෑ."
සිය දියණියන් දෙදෙනාගේ සහාය නොවූයේ නම් තමන්ට මේ කිසිවක් කළ නොහැකි වනු ඇති බවත් 93 හැවිරිදි ජාත්‍යන්තර පිහිනුම් ශූරිය පවසයි.