ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තා ලෝක කුසලානය: ශ්‍රී ලංකාව ඉන්දියාවට පරදියි
එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිව ඩර්බි හිදී පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16 ක පරාජයක් අත්විය.
තරගය ආරම්භයේදී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායිකා මිතාලි රාජ් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළාය.
ඉන් අනතුරුව නියමිත පන්දු ඕවර 50 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 232 ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා යාමට ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් නියමිත ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 216 ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිලානි මනෝදර පන්දු 75 කින් ලකුණු 61 ක් සහ ඉන්දීය පිලේ දීප්ති ශර්මා ලකුණු 78 ක් රැස් කිරීම කැපී පෙනිණ.
මේ ප්‍රතිඵලයත් සමගම ජගත් කුසලානයේ මෙතෙක් පැවති තරග හතරෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී තිබේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරි දින කිහිපය තුළ දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙවු පිලට එරෙහිව තරග වැදීමට නියමිතය.
ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායම කාන්තා ලෝක ශූරතාවලියේදී මෙතෙක් දැක්වූ ඉහලම දස්කමවන අතර, ලෝක කුසලානය තුළ මේ වන තුරු වැඩිම ලකුණු සංඛ්‍යාව (257) රැස් කරගෙන සිටින්නේ ද ඇයය.
මේ අතර සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේදී ලකුණු 68 කින් කින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට එංගලන්තය සමත් වූ පාකිස්තානයට එරෙහිව ලෙස්ටර් හිදී පැවති තරගයේදී ලකුණු 159 කින් තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්විය.
මේ අනුව ඉන්දියාව සහ ලෝක ශූර ඕස්ට්‍රේලියාව මෙතෙක් මුහුණ දුන් තරග හතරම ජයගෙන තරගාවලියේ ඉදිරියෙන්ම සිටී.