ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තා ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට පරාජයක්
කාන්තා ලෝක කුසලානයේ ඉරිදා (ජුලි 02) එංගලන්තය හා පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් විය.
මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 207 ක් රැස් කළහ.
ඕවර 30 පන්දු 02ක් අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය හඹා යාමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 46 ක් රැස් කළ අතර අමා කාංචනා කඩුලු 02 ක් දවා ගැනීමට සමත් වූවාය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හෙදර් ක්නයිට් ලකුණු 82 ක් රැස් කළාය.
පසුගියදා ඕස්ට්‍රේලියාව සමහ පැවති තරගයේ දී ලකුණු 178 ක් රැස් කරමින් අගනා පිති හරඹයක යෙදුණු චමරි අතපත්තු එක් ලකුණකට දැවී ගිය අතර එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයේ මෙතෙක් පැවති තරග තුනම ශ්‍රී ලංකාව පරාජයට පත් විය.