ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty
සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඔස්කාර් සම්මානයෙන් ප්‍රථමවරට පිදුම් ලබන්නේ රිදී තිරයට පා තබා දශක දෙකකට වැඩි කාලයකට පසුවයි. ඔස්කාර් සම්මාන සඳහා ඔහුගේ නම මීට ඉහතදී පස් වරක් නිර්දේශ වී ඇත.
පුංචි තිරයෙන් රිදී තිරයට
ඩිකැප්‍රියෝ සිය රංගන දිවිය ආරම්භ කෙරුවේ පුංචි තිරයේ Roseanne සහ The New Lassie ඇතුළු රූපවාහිනී නාට්‍ය මාලා ඔස්සේයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty
1991 වසරේ තිර ගත වූ ත්‍රාසය මුසු විද්‍යාත්මක ප්‍රබන්ධයක් වන Critters 3 චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් සිනමා රංගනයයි.
වාර්තා බිඳ දමමින්

ඡායාරූප මූලාශ්‍රය, Paramount Pictures
1997 වසරේදී කේට් වින්ස්ලට් සමග ඔහු රඟපෑ Titanic චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් විය.
ඩොලර් බිලියන 2.19 ක ආදායමක් ඉපයූ Titanic චිත්‍රපටය ලොව වැඩිම ආදායමක් ඉපයූ සිනමා දර්ශකයේ දෙවන ස්ථානයේ පසු වේ. ආදායම් වාර්තා අතින් Titanic චිත්‍රපටය දෙවන වන්නේ ඩොලර් බිලියන 2.78ක ආදායමක් ඉපයූ Avatar චිත්‍රපටයටයි.
හය වන වර
ඩිකැප්‍රියෝගේ රංගන දිවිය තුළ ඔස්කාර් සම්මාන සඳහා ඔහුගේ නම නිර්දේශ වී තිබූ වාර ගණන පහක්.
පළමුවරට ඩිකැප්‍රියෝගේ නම හොදම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වූයේ What’s Eating Gilbert’s Grape චිත්‍රපටය වෙනුවෙන් ඔහු ලබා දුන් රංගන දායකත්වයටයි.
The Aviator, Blood Diamond සහ The Wolf of Wall Street යන සිනමා නිර්මාණ වෙනුවෙන් ඔහුගේ නම හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ විය.
ඩිකැප්‍රියෝ විසින් නිෂ්පාදනය කරන ලද 'The Wolf of Wall Street' චිත්‍රපටය මීට වසර දෙකකට ඉහතදී පැවති ඔස්කාර් උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ සිනමා නිර්මාණ අතුරින් එකක්.

ඡායාරූප මූලාශ්‍රය, Paramount Pictures
'The Revenant' සිනමා නිර්මාණයේ හියුගෝ ග්ලාස්ගේ චරිතය වෙනුවෙන් අවසානයේ ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය.
පරිසරවේදියෙක්
'දේශගුණික විපර්යාස කියන්නේ සැබෑවක්. එය මේ වන විටත් සිදු වෙමින් පවතිනවා' හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය පිළිගනිමින් ඔහු කියා සිටියේය.
දේශගුණික විපර්යාස නැවත්වීම සඳහා සියලු දෙනා එක් වී කටයුතු කළ යුතු බවත් ඩිකැප්‍රියෝ එහිදී කියා සිටියේය.
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයෙක් ලෙස ඩිකැප්‍රියෝ නම් කරනු ලැබුවේ 2014 වසරේදී.
ඔහු දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් නිරන්තරයෙන් සිය හඬ අවදි කළේය.
ලොව වටා ක්‍රියාත්මක පාරිසරික සංවිධාන වෙත ඔහු විසින් පරිත්‍යාග කොට ඇති අරමුදල්වල වටිනාකම පවුම් මිලියන 9.5ක්.
අම්මා
සිනමා නිර්මාණ පිළිබඳ දත්ත අඩංගු 'IMDB' වාර්තාවලට අනුව ඩිකැප්‍රියෝ විසින් මේ දක්වා හිමි කර ගෙන ඇති සම්මාන ප්‍රමාණය 70 කට අධිකයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මේ වසරේ බැෆ්ටා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පිළිගනිමින් ඩිකැප්‍රියෝ ඔහුගේ මවට සිය ගෞරවය පුද කළේය.
'මම හැදී වැඩුනේ ලොස් ඇන්ජලිස් නුවර දරදඬු මිනිස්සු වාසය කරපු ගම් පළාතකයි. මට වෙනත් ලෝකයක් පෙන්වීමේ අරමුණින් මගේ මව වන මේ කාන්තාව ඒ පළාතේ සිට වෙනස් පාසලක් වෙත පැය තුනක් කාරය පැදෙව්වා' ඔහු එහිදී කියා සිටියේය.
''අද ඇයගේ උපන් දිනේ. අම්මේ මම ඔබට ගොඩක් ආදරෙයි.''








