ඔස්කාර් කිරුළ ලියනාඩෝට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
'ද රෙවනන්ට්' ('The Revenant) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සිය ප්‍රථම ඔස්කාර් සම්මානය දිනා ගනියි.
හොදම නළුවාට හිමි සම්මානය පිළිගනිමින් සිය දේශනය පැවැත්වූ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සිදු වෙමින් පවතින දේශගුණ විපර්යාසයන්ගේ ඇති භයානකත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කළේය.
හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රාණ ඇපයට පත් තුරුණු මවක සහ පුතකු පිළිබඳ කතා පුවතක් රැගත් 'රූම්' (Room) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ හොලිවුඩ් නිළි බ්‍රී ලාසන්.
කතෝලික පූජකවරුන් විසින් සිදු කරන ලද ලිංගික අපයෝජන පිළිබඳ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන් පිළිබඳ වෘතාන්ත චිත්‍රපටයක් වූ 'ස්පොට් ලයිට්' (Spotlight) හොදම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දින ගෙන ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
හොඳම විදේශීය චිත්‍රපටය සඳහා වූ ඔස්කාර් සම්මානය දිනා ගනු ලැබුවේ නාසි හමුදා විසින් පවත්වා ගෙන ගිය 'අවුශ්විට්ස්' වධ කඳවුරේ බලහත්කාරයෙන් සේවයේ යොදවනු ලැබූ යුදෙව් ජාතිකයකුගේ අත්දැකීමක් පාදක කර ගත් 'සන් ඔෆ් සෝල්' (Son of Saul) හංගේරියානු චිත්‍රපටයයි.
ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ නම් අතර <link type="page"><caption> කළු ජාතික සිනමාකරුවන්ගේ </caption><url href="http://www.bbc.com/sinhala/world/2016/01/160123_senehe_oscar_awards_2016.shtml" platform="highweb"/></link>නම් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සිනමා උළෙල පැවැත්වුණු හොලිවුඩ් පුරවරයේ උද්ඝෝෂණ පැවැත්විණි.
කළු ජාතික රංගන ශිල්පීන්ගේ නම් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ ඇතැම් හොලිවුඩ් සිනමා තරු ඔස්කාර් සම්මාන උළෙලට සහභාගී වීම වර්ජනය කළහ.




